12.1.17

බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්






අපේ ගමේ අය නම් බ්‍රන්ත කියලා අපි හඳුන්නන්නේ  අහන් ඉන්න ආස හිතෙන ආතල් සීන්ස් වලටනේ .. වෙච්චි සීන් එකක් පෙරළගත්ත බාල්දියක් වගේ දේවල් කෙළින්ම කියද්දි කිසි ගතියක් නෑ .. හැබැයි බ්‍රන්තදාලා අනලා ගානට උකුවට අනලා කියනකොට මරු .. 

වෙනස් නමකින් සහ වෙනස් පිට කවරයකින් ආපු මේ බ්‍රන්ත පිරුණු චයිනමන්” පොත මගේ හිත ගත්තේ  පිටුවක් ,පිටුවක් පුරාම ඇඳිච්ච මාර සරල භාෂාවත් . හිත ඇදගන්නම කියාපු කුතුහලේ නිසා වගේම තමයි බීම නැත්තං අඩි ගැහිල්ල ගැන ලෝභ නැතිව අත දිග ඇරලා ලියලා තියෙන එක .ඉතින් මගෙ ජීවිතේට කියවාපු හොඳම පොත චයිනමන් කියලා මම කියන්නේ අන්නේකයි .. 

පොත පුරා තියෙන ක්‍රිකට්  විස්තරත් අතරේ හරි ලස්සනට අපේ කම මික්ස් කරලා තිබුණා . මං නං ඔය ක්‍රිකට් වලට එච්චර ලැදියාවක් තියෙන එකෙක් නෙවෙයි ..සල්ලි වලට ජිල් ගැහීම . එල්ලෙ බලා ගල් ගැසීම වගේ ගේස්ම් ප්ලේ කරන කෙනෙක් .. ඒත් මට පොත අල්ලලා ගියා . 

ඒ පොතේ පිටුවක් පිටුවක් පුරාම මහ අපූරු අපිළිවෙළක් තිබුණා .. ඒ අපිළිවෙළත් පොතට එකතු කළේ මාරම ගතියක් ..ආතල් එකක් . ඉතින් මේ හැම දේම එක්ක ලස්සන ස්ටාර්ට් එකක් ගත්ත මම දවස් එක හමාරක් තිස්සේ කියවලා කියවලා චයින්මන් ඉවර කළානේ .. 

ඊට පස්සේ තමයි හොඳම හරිය . සාමාන්‍යයෙන් පොතක් කියෝලා ඉවර කළාම වැඩේ ඉවරයි . ඒත් චයිනමන් එහෙම නෑ . කියෝලා ඉවර වුණාම තමයි වැඩේ පටන් ගන්නේ .. 

පොත කියෝලා ඉවර කරපු මං ගූගල් එක පීර පීර මේ කථාවේ කථා නායකයා "ප්‍රදීප් මැතිවු .." ගැන සොයන්න පටන් ගනිපු එකත් පොඩි පිස්සුවක් වගේ .. 

චයිනමන් පොතේ ඉන්න ඩබ්ලිවු ජී කියන බේබදු ක්‍රිඩා විචාරකයා.. හුරේ හුටං කියලා ප්‍රදීප් මැතිවුව හොයද්දී .. මම ගූගල් එකේ ප්‍රදීප් මැතිවු හොයා බැලුවා . විටෙක සිංහලෙන් , විටෙක ඉංග්‍රීසියෙන් .. ඒ හොයන අතරේ මට තේරුණ එක දෙයක් තමා .. ප්‍රදීප් මැතිවු හොයලා තියෙන්නේ මං විතරක් නොවෙන වග .. චයිනමන් කියවලා ප්‍රදීප් මැතිවුගේ හපංකං අතරේ මං මුළා වෙච්ච එකම කෙනා මං නොවෙයි කියන එකට ගූගල් සර්ච් රිසල්ට් එක සාක්කි .. ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි . මේ පොතේ අකුරු අස්සේ ඉබේටම මගේ ඇඟට රිංඟාගත්තු අමුතුම කුතුහලයක් . අනිච්චානුක ප්‍රතීක ක්‍රියාවක්ද මොකක්ද ..

චයින්මන් පොතේ පිටක් දෙකක් මෙතන උපුටා දැක්වන්නම් .. ඔබටත් ඒ අමුතු පොත ගැන තීරණය කරන්න .



//ඔන්න ඕකයි ප්‍රශ්නෙ. ප්‍රදීප් මැතිව් කිව්වම කවුරුත් අහන්නෙ කවුද ඒ? අපි අහල නෑනෙ. කියලයි. මේ දැන්. ඔබට වුණත් එහෙම හිතෙනව නම් ඒ ගැන පුදුම වෙන්නෙ නෑ. 


මං මේ ගැන දිගට හරහට හොයල තියෙනවා. මිනිහ සෙල්ලම් කල තරඟයක් තරඟයක් ගානෙ විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් මේ රටේ හොඳම, විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකය ගැන කිසි කෙනෙක් නොදන්නෙ ඇයි?

හේතු ගොඩක් තියෙනව. වැරදි කාලෙ, වැරදි තැන මිනිහ හිටියෙ. සල්ලි, කම්මැලිකම, දේශපාලනේ, ජාතිවාදෙ, කැපිලි, ලයිට් කැපිලි,(ඒ කිව්වෙ විදුලි බලය) එහෙමත් නත්නම් කාලකණ්ණි කම... 


ඔන්න ඔය වගේ පිළිවෙළක් නැති ඒවා. මං මේ ගැන ලියන්න ගත්තට කිසි කෙනෙක් මේක කියවයිද, නැද්ද කවුද දන්නෙ... ඒකත් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. – //
(නව වෙනි පිට )



චයිනමන් ගැන හදපු පුංචි ට්‍රේලර් එකක් මෙතනින් බලන්න 



හරි දැන් මෙහෙම හිතන්න කතුවරයෙක්ට තමන්ගේ පළවෙනි පොතෙන් මේ වගේ හයේ පාරක් ගහන්න පුළුවන්ද ? .

ඇයි පොත සිංහලට පරිවර්තනය කරපු මනුස්සයාට  ඔරිජිනල් පොතටත් ඇඬෙන්න සිංහලෙන් පොල් අඩි පලන්න පුළුවන්ද ? . 

අන්නේකයි මං තාමත් චයිනමන් කිය ඒ අපූරු පොතට මම කියෝපු හොඳම පොත විදිහට සලකන්නේ ..මේ ගින්දර බැටිං කොම්බිනේසන් එක හින්ඳා ..

ශෙහාන් කරුණාතිලක තමයි සුද්දගේ කඩ්ඩ ලංකාවට දිරවන්න දිය කරලා චයිනමන් කියන විශිෂ්ට පොත ලියලා තියෙන්නේ .. එතකොට දිලීප තමයි ඒ කඩ්ඩ දෙහි ඇඹුලෙන් ගලගාලා ලස්සනට පරිවර්තනේ කළේ .. වෙලාවක් තිබ්බොත් ..ඔය චයිනමන් අරං කියවන්න .. ඔබ කන බොන කෙනෙක් නම් හීනි අඩියකුත් දාන ගමන් පොතේ පිටු පෙරළවුවට කමක් නැ .. මං වග කියනවා .. ඔය පොතේ තියෙන්නේ මතුරපු අකුරු .. ඒ නිසා බය නැතුං කියවන්න . 

ඉතින් ඒ අකුරු වලට මතුරාපු ශෙහාන් කරුණාතිලක සහ දිලීප අබේසේකර ඩබල ජනවාරි 14 සෙනසුරාදා හවස තුනේ ඉඳන් හතර වෙනකං ගාලු කොටුවේ ජාතික සමුද්‍ර කෞතුකාගාරයේදී ඔබ අමතනවා . අකුරුවලට මතුරලා පොතක් ලියපු ඒ අමුතු නූල් සුත්තරේ රහස හැමෝටම කියාදෙනවා .. වෙලාවක් තිබුණොත් එන්න .. මාත් යනවා ඔබත් හිටියොත් අපි හම්බුවෙමු .. 


ජනවාරි 14 සෙනසුරාදා
ගාලු කොටුවේ ජාතික සමුද්‍ර කෞතුකාගායේ
ප.ව 3, 4 වෙනකං ..




ජනවාරි 15 වැනිදාගෙන් පස්සේ හිස් අහස බ්ලොග් එකෙන් අලුත් කතාවක් බලාපොරොත්තු වන්න .. එතකම් .. චයිනමන් කියවන්න ..