12.1.17

බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්






අපේ ගමේ අය නම් බ්‍රන්ත කියලා අපි හඳුන්නන්නේ  අහන් ඉන්න ආස හිතෙන ආතල් සීන්ස් වලටනේ .. වෙච්චි සීන් එකක් පෙරළගත්ත බාල්දියක් වගේ දේවල් කෙළින්ම කියද්දි කිසි ගතියක් නෑ .. හැබැයි බ්‍රන්තදාලා අනලා ගානට උකුවට අනලා කියනකොට මරු .. 

වෙනස් නමකින් සහ වෙනස් පිට කවරයකින් ආපු මේ බ්‍රන්ත පිරුණු චයිනමන්” පොත මගේ හිත ගත්තේ  පිටුවක් ,පිටුවක් පුරාම ඇඳිච්ච මාර සරල භාෂාවත් . හිත ඇදගන්නම කියාපු කුතුහලේ නිසා වගේම තමයි බීම නැත්තං අඩි ගැහිල්ල ගැන ලෝභ නැතිව අත දිග ඇරලා ලියලා තියෙන එක .ඉතින් මගෙ ජීවිතේට කියවාපු හොඳම පොත චයිනමන් කියලා මම කියන්නේ අන්නේකයි .. 

පොත පුරා තියෙන ක්‍රිකට්  විස්තරත් අතරේ හරි ලස්සනට අපේ කම මික්ස් කරලා තිබුණා . මං නං ඔය ක්‍රිකට් වලට එච්චර ලැදියාවක් තියෙන එකෙක් නෙවෙයි ..සල්ලි වලට ජිල් ගැහීම . එල්ලෙ බලා ගල් ගැසීම වගේ ගේස්ම් ප්ලේ කරන කෙනෙක් .. ඒත් මට පොත අල්ලලා ගියා . 

ඒ පොතේ පිටුවක් පිටුවක් පුරාම මහ අපූරු අපිළිවෙළක් තිබුණා .. ඒ අපිළිවෙළත් පොතට එකතු කළේ මාරම ගතියක් ..ආතල් එකක් . ඉතින් මේ හැම දේම එක්ක ලස්සන ස්ටාර්ට් එකක් ගත්ත මම දවස් එක හමාරක් තිස්සේ කියවලා කියවලා චයින්මන් ඉවර කළානේ .. 

ඊට පස්සේ තමයි හොඳම හරිය . සාමාන්‍යයෙන් පොතක් කියෝලා ඉවර කළාම වැඩේ ඉවරයි . ඒත් චයිනමන් එහෙම නෑ . කියෝලා ඉවර වුණාම තමයි වැඩේ පටන් ගන්නේ .. 

පොත කියෝලා ඉවර කරපු මං ගූගල් එක පීර පීර මේ කථාවේ කථා නායකයා "ප්‍රදීප් මැතිවු .." ගැන සොයන්න පටන් ගනිපු එකත් පොඩි පිස්සුවක් වගේ .. 

චයිනමන් පොතේ ඉන්න ඩබ්ලිවු ජී කියන බේබදු ක්‍රිඩා විචාරකයා.. හුරේ හුටං කියලා ප්‍රදීප් මැතිවුව හොයද්දී .. මම ගූගල් එකේ ප්‍රදීප් මැතිවු හොයා බැලුවා . විටෙක සිංහලෙන් , විටෙක ඉංග්‍රීසියෙන් .. ඒ හොයන අතරේ මට තේරුණ එක දෙයක් තමා .. ප්‍රදීප් මැතිවු හොයලා තියෙන්නේ මං විතරක් නොවෙන වග .. චයිනමන් කියවලා ප්‍රදීප් මැතිවුගේ හපංකං අතරේ මං මුළා වෙච්ච එකම කෙනා මං නොවෙයි කියන එකට ගූගල් සර්ච් රිසල්ට් එක සාක්කි .. ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි . මේ පොතේ අකුරු අස්සේ ඉබේටම මගේ ඇඟට රිංඟාගත්තු අමුතුම කුතුහලයක් . අනිච්චානුක ප්‍රතීක ක්‍රියාවක්ද මොකක්ද ..

චයින්මන් පොතේ පිටක් දෙකක් මෙතන උපුටා දැක්වන්නම් .. ඔබටත් ඒ අමුතු පොත ගැන තීරණය කරන්න .



//ඔන්න ඕකයි ප්‍රශ්නෙ. ප්‍රදීප් මැතිව් කිව්වම කවුරුත් අහන්නෙ කවුද ඒ? අපි අහල නෑනෙ. කියලයි. මේ දැන්. ඔබට වුණත් එහෙම හිතෙනව නම් ඒ ගැන පුදුම වෙන්නෙ නෑ. 


මං මේ ගැන දිගට හරහට හොයල තියෙනවා. මිනිහ සෙල්ලම් කල තරඟයක් තරඟයක් ගානෙ විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒත් මේ රටේ හොඳම, විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකය ගැන කිසි කෙනෙක් නොදන්නෙ ඇයි?

හේතු ගොඩක් තියෙනව. වැරදි කාලෙ, වැරදි තැන මිනිහ හිටියෙ. සල්ලි, කම්මැලිකම, දේශපාලනේ, ජාතිවාදෙ, කැපිලි, ලයිට් කැපිලි,(ඒ කිව්වෙ විදුලි බලය) එහෙමත් නත්නම් කාලකණ්ණි කම... 


ඔන්න ඔය වගේ පිළිවෙළක් නැති ඒවා. මං මේ ගැන ලියන්න ගත්තට කිසි කෙනෙක් මේක කියවයිද, නැද්ද කවුද දන්නෙ... ඒකත් සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක්. – //
(නව වෙනි පිට )



චයිනමන් ගැන හදපු පුංචි ට්‍රේලර් එකක් මෙතනින් බලන්න 



හරි දැන් මෙහෙම හිතන්න කතුවරයෙක්ට තමන්ගේ පළවෙනි පොතෙන් මේ වගේ හයේ පාරක් ගහන්න පුළුවන්ද ? .

ඇයි පොත සිංහලට පරිවර්තනය කරපු මනුස්සයාට  ඔරිජිනල් පොතටත් ඇඬෙන්න සිංහලෙන් පොල් අඩි පලන්න පුළුවන්ද ? . 

අන්නේකයි මං තාමත් චයිනමන් කිය ඒ අපූරු පොතට මම කියෝපු හොඳම පොත විදිහට සලකන්නේ ..මේ ගින්දර බැටිං කොම්බිනේසන් එක හින්ඳා ..

ශෙහාන් කරුණාතිලක තමයි සුද්දගේ කඩ්ඩ ලංකාවට දිරවන්න දිය කරලා චයිනමන් කියන විශිෂ්ට පොත ලියලා තියෙන්නේ .. එතකොට දිලීප තමයි ඒ කඩ්ඩ දෙහි ඇඹුලෙන් ගලගාලා ලස්සනට පරිවර්තනේ කළේ .. වෙලාවක් තිබ්බොත් ..ඔය චයිනමන් අරං කියවන්න .. ඔබ කන බොන කෙනෙක් නම් හීනි අඩියකුත් දාන ගමන් පොතේ පිටු පෙරළවුවට කමක් නැ .. මං වග කියනවා .. ඔය පොතේ තියෙන්නේ මතුරපු අකුරු .. ඒ නිසා බය නැතුං කියවන්න . 

ඉතින් ඒ අකුරු වලට මතුරාපු ශෙහාන් කරුණාතිලක සහ දිලීප අබේසේකර ඩබල ජනවාරි 14 සෙනසුරාදා හවස තුනේ ඉඳන් හතර වෙනකං ගාලු කොටුවේ ජාතික සමුද්‍ර කෞතුකාගාරයේදී ඔබ අමතනවා . අකුරුවලට මතුරලා පොතක් ලියපු ඒ අමුතු නූල් සුත්තරේ රහස හැමෝටම කියාදෙනවා .. වෙලාවක් තිබුණොත් එන්න .. මාත් යනවා ඔබත් හිටියොත් අපි හම්බුවෙමු .. 


ජනවාරි 14 සෙනසුරාදා
ගාලු කොටුවේ ජාතික සමුද්‍ර කෞතුකාගායේ
ප.ව 3, 4 වෙනකං ..




ජනවාරි 15 වැනිදාගෙන් පස්සේ හිස් අහස බ්ලොග් එකෙන් අලුත් කතාවක් බලාපොරොත්තු වන්න .. එතකම් .. චයිනමන් කියවන්න ..
 

92 comments:

කම්මල said...

පොත් සාප්පු වලදි දැකල පිටු දෙක තුනක් උඩින් පල්ලෙන් බැලුවට කවුද හිතුවෙ මෙච්චර හොද එකක් කියල. කියවල බලන්න ඕනෙ.

කම්මල said...

//මම වල් ඌරෙක් , මම වල් ඌරෙක්//
කිලෝ කීයද ?

Anonymous said...

කියපු කතා ගොඩක් එක්ක එකඟයි.

පොතේ අපිළිවල මුලදි මට රිස්සුවෙ නැහැ.ඒත් ඒකට හුරුවුනාම අපිළිවලේ පිළිවලක් පෙනුනා....

මුලදි පටන් ගනිද්දි මට හිතුනෙ ප්‍රදීප් මැතිව් කියන්නේ ඇත්ත කෙනෙක් වෙන්නැති මම දන්නෙ නැති වුනාට කියලයි...

ඒක නෙමේ ,අලුත් හිස් අහස කොහෙද තියෙන්නේ ?

Anonymous said...

එච්චරටම හොඳයි නම් අරගෙන බලමුකෝ

ගස්ලබ්බ said...

කාලෙකින් කියවපු පොතක්..!
වේවැල් පාරවල්,ගල් පාරවල්,පොළු පාරවල් දීල තියනවා රිදෙන්නම.
ඕකෙ මුලම තමයි හොඳම කතාව තියෙන්නෙ..
'බොරු කාරයෙක් තමුන් කියන්නෙ බොරුවක් කියනකොට....' වගේ කතාවක්.හරියට මතක නෑ.එලි පිට කියන්න බැරි ගොඩක් දේ ඒ අස්සෙ තියනවා.කලා නිර්මාණ කියන්නෙ මෙන්න මෙව්වට තමා.පුළුවන් කමක් තිබ්බොතින් අනිවා එන්න වටින අවස්ථාවක්.
(සුදුයි චූටියි අතේ වාහනයක් එවන්න බැරිද දන්නෑ..?)
ජයවේවා..!!

මාතලන් said...

උඹේ පොත එන්නේ කවදැයි....

සෙන්නා said...


චයිනමන් කියන නම මම මේ ළඟදි කොහේදි හරි දැක්කා... මේක කියවලා ඉවර වෙනකම් කල්පනා කළේ කොහෙදිද කියලා මතකම නෑ...

පොතට හපන් උඹේ චිවාරය..ඒක කියවපු එකෙක්ට අනිවා පොත ගන්න හිතෙනවා...

RanDil said...

අඩි පුඩියේ ආදිනවත් අවසානෙට ලුණු ඇඹුල් ඇතිවම කියලා තියෙනවා නේද?

එල ද බ්‍රා මෙන්ඩා said...

මටනම් ඔය අන්මන්ම් පොත් වැඩක් නැහැ මතා කියනවා වගේ උබගේ පොත එන්නේ කවදදා ...
ඒ පොත හීනියට අඩියක් ගහලා කියවනවා

Pasan Buddhika said...

මේක නම් මරු. එහෙනම් හෙට ගාල්ලෙදි හමුවෙමු

Praසන්ன said...

දැං මේක බලන වැඩි දෙනෙක් අහනව වගේ උඹේ පොත එන්නෙ කවදද? අන්න එදාට හීනියට හඳේ ගිහිල්ල උඹේ පොත කියෝනව මල්ලි ආයෙ කතා දෙකක් නෑ.

Ajith Dharma. said...

චයිනමන් කියල කියන්නේ ක්‍රිකට් ගැන පොතක්ද? හත්වලාමයි . අරගෙන බලන්නම්.

sAm (සෑම්) said...

වයිමන් කිව්වම මතක් වුනේ සක්කරයගෙ පුතා වයිමා ආවත් කරන්න බැරි වැඩ ගැන කියපු බන්දුල මාමිව..

පොත දැක්කොත් තමා ගැනෙන්නේ. නැත්තං එලෝගෙන ගිහින් පොත් ගන්න හොඳ පුරුදු සෑමාට නැහැ බං !

Tharindu Dananja Madusanka said...

අපි නමි ෂලෝක් හොමිස් තමා...

සුදීක said...

මේ පොත ඉංග්‍රීසියෙන් නිකුත් වුණේ දැනට අවුරුදු හතරකට පහකට කළින්, මගේ මතකය නිවැරදි නම්. පොතේ ගාන රුපියල් හාරදාහකට වැඩි නිසා, මම අතට අරන් බලලා තියලා ආවා. දිලීප අබේසේකර මේක පරිවර්තනය කළා කියලා දැන ගත්තත් මේක ගන්න වුණේ නෑ. තවත් කවුරු හරි මේ ගැන සටහනක් තියලා තිබුණු වග මතකයි. උඹ ආපහු ලියන එක ගැන සතුටුයි. මමත් කාලෙකට පස්සේ පොඩි සටහනක් දැම්මා.

එල ද බ්‍රා මෙන්ඩා said...

අද ජනවාරි 15

එල ද බ්‍රා මෙන්ඩා said...

කෝ උබගේ කතාව අද 16

තිසර said...

මාත් පොත කියවලා පොරව හෙව්වා... පොතේ තියන තරඟ, දින වකවානු ඔක්කොම හරි.. ඒත් මැතිව්ස් නෑ... මේ පොත ආපු මුල් කාලෙම ක්‍රික් ඉන්ෆො එකෙන් ප්‍රොමෝශන් ලැබුණා... මේකට 'කොමන්වෙල්ත් බුක් ප්‍රයිස්' සම්මානය ලැබුණා... කියලා වැඩක් නෑ පස්ටම පොතක්...

Pra Jay said...

@Ajith,

https://en.wikipedia.org/wiki/Left-arm_unorthodox_spin

අන්ධකාර තාරකාව said...

චයිනමන්.. මාත් ආසම පොතක්.

අන්ධකාර තාරකාව said...

චයිනමන්.. මාත් ආසම පොතක්.

කල්‍යාණ මිත්‍ර said...

අද ජනවාරි 20.. කෝ උඹේ කතාව?

Viraj Heshan said...

අපිළිවෙලට තියෙන පිළිවෙලට කියවන්න පුළුවන් පොතක්...

Praසන්ன said...

අද ජනවාරි 23. උඹේ කතාව නැත්තං අඩුගානෙ කොමෙන්ට් වලට රිප්ලයි කරහං.

Unknown said...

යකෝ අද ජනවාරි 24....

Praසන්ன said...

අද ජනවාරි 27 යකෝ...

SHaN Malli said...

අද ජනවාරි 30 නේ බන් උබට තාම 15 උනේ නැද්ද..

Praසන්ன said...

යකෝ ජනවාරි මාසෙ ඉවරවෙලා පෙබරවාරිත් ලබල. කෝ බොලාගෙ කතාව

එල ද බ්‍රා මෙන්ඩා said...

අද පෙබරවාරි 3

එල ද බ්‍රා මෙන්ඩා said...

අලුත් එකක් ලියමු..
මට බන්නින්න එපා මුට මොකද අපිනේ ලියන්න ඕනේ කියලා. අපි දැන් ගල් වල කොටලා තියන ශිලා ලිපි හොයාගෙන ඒවා කියවලා අපේ ඉතිහාසය හොයන්න ට්‍රයි කරනවා වගේ දවසක ඔයාලගේ මේ බ්ලොග් පොස්ට් අනාගත පරපුර ප්රෝයෝජන්යට ගනී..එයලා දෙයක් මේවගෙන් ඉගන ගනී හිතන පතන විදිහ වෙනසක් වෙයි ..අපි නැතත් ලෝකෙට දෙයක් ඉතුරු කරලා ගියා කියලා ඔයාලට සතුටු වෙන්න පුලුවන්. ඒ නිසා ලියමු

Tharindu Dananja Madusanka said...

සදරැ අද පෙබරවාරි 5 බන්.කෝ ??????

Praසන්ன said...

අද පෙබරවාරි 7 බං.

Anith Kona said...

Oh wow.. didnt know about this one. Thanks for the info..

Tharindu Dananja Madusanka said...

අද පෙබරවාරි 08 බන් කෝ...

Tharindu Dananja Madusanka said...

අද 12 යි.....

Praසන්ன said...

අද පෙබරවාරිම 13 බං

Praසන්ன said...

අද පෙබරවාරි..... නෑ එක්කො ඕන නෑ. හැක්..

Tharindu Dananja Madusanka said...

සදරැවා උඹ කොහෙද බන්.......ලියහන්කෝ සුදා....

Praසන්ன said...

අද මාර්තුම දෙක බං.

එල ද බ්‍රා මෙන්ඩා said...

අද 3

Tharindu Dananja Madusanka said...

Adath na koo bn thooo...

Anonymous said...

machan sadaruwo.

pradeep mathew kiyanne just a legend ekak.me loke exist wechcha kenek newe.
ෂෙහාන් කරුණාතිලක පොතක් තුලින් ජිඉවමාන කරපු චරිතයක්.mage gawa english book eka tynawa.i read it.
mona unath cricket pisseknm aniwa kiyawannama oni pothak meka :)

Anonymous said...

Adoo koo bng uba... hamadama awith balanawa aluth ekak daalada kiyala...
Ada march 8��

Tharindu Dananja Madusanka said...

Okane yako karanna bari.ade koheda tho inne liyapiya.anonymous kiyala tiyanawa wage hanadama awith yanawa yakoo...

Tharindu Dananja Madusanka said...

Ada 12...

NALINDA WITHANA said...

masa 2k wenawa den , ekak hari liyandoooooooooooooo

Sandeep said...

Me marthu 14 koo south kathaawa

Tharindu Dananja Madusanka said...

Adoooo...

Tharindu Dananja Madusanka said...

Ada martu 24 bn..

Unknown said...

Ada 26 koo api blan innawoo

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...

Oya ko ane

Anonymous said...
This comment has been removed by the author.
Anonymous said...
This comment has been removed by the author.
Tharindu Dananja Madusanka said...

සදරැ මෙිකද ලියන්නැත්තෙ...

Anonymous said...

මේ ගුටි නොකා ලියපන් අයිය

Anonymous said...
This comment has been removed by the author.
Tharindu Dananja Madusanka said...

සදරැ ලියපන් බන්....

Praසන්ன said...

ආ, මල්ලී... දැං ෆොරීන් ලිකර් ගහන හින්ද වෙන්නැති අපිව අමතක කරල තියෙන්නෙ නෙහ්.

එල ද බ්‍රා මෙන්ඩා said...

උබ අවුරුද්දට ගමේ ඇවිත් නැහැ ...නැත්නම් උබ අපි වෙනුවෙන් කතවක් ලියනවා

Praසන්ன said...

මොකද මල්ලි කියන්නෙ, වස‍න්තෙටවත් එකක් දාමුද?

Tharindu Dananja Madusanka said...

ඔබට මතක නැ අපිට අමතක නැ ⁣....

Anonymous said...

අයියෙ ලියන්නෙ නැත්තෙ මොකද????..අපිව මෙහෙම අයින් කරල දාන්න කොහොමටවත් අයිතියක් නෑ ඔයාට..හැමදාම ඇවිල්ල බලල යනකොට බයත් හිතෙනව අයියෙ ඔහේ ඇවිත් නෑනෙ ඔයාට කරදරයක්වත් වෙලාද දන්නෙ නැහැ කියල..අනේ අපිව බය නොකර අපේ ලේ ටික පුච්චන්නෙ නැතුව කතාවක් දාපං අයියෙ

Tharindu Dananja Madusanka said...

ඇයි දෙයියො නිහඬ.

Sandeep said...

Haiyoo Dan me 5weni made ko sadaru aiyee kathawa

Tharindu Dananja Madusanka said...

👋👋

Tharindu Dananja Madusanka said...

මචංං...

Anonymous said...

උඹේ කොළඹ රස්සාව නැති වෙලා ආපහු ගමට ගිහින් අම්මවත් බලාගෙන සාමාන්‍ය රස්සාවක් කරගෙන අපිට කතා ලිය ලියා ඉන්න ලැබේවා

Tharindu Dananja Madusanka said...

දාපිය බන් කතාවක්...

Anonymous said...

Uba wenas una ayye

Praසන්ன said...

අද ජූනි 27 බං.

Tharindu Dananja Madusanka said...
This comment has been removed by the author.
එල ද බ්‍රා මෙන්ඩා said...

අදින් මාසේ ඉවරයි

Anonymous said...

මූ ඇක්සිඩන්ට් වෙලා නැති වෙලා මාස 2ක් වගේ නෙ

Unknown said...

සිරාවටම මෙයා නැති වෙලා ද?

Unknown said...

මුලින් විචාරක.එතකොට මෙයත් ගියද?

Sandeep said...

Ade sadaru ayiye moko aththatama une blog liyana eka nawaththuwada

Praසන්ன said...

දැං මේකත් බ්‍රන්ත පිරුණු බ්ලොග් එකක් වීගෙන එන්නෙ.

Praසන්ன said...

යකෝ අවුරුද්දකුත් ගිහිල්ලනෙ. දැං උඹ ඊගාව පෝස්ට් එක දාන්න හිතාන ඉන්නෙ ලබන අවුරුද්දෙ ද?

Vee said...

බ්ලොග් පොස්ට් එකක් ලියන්න අදහසක් ඇත්තෙම නැද්ද බං.. උඹව කියවපු අපිට ඔහොම කරන එක සාධාරණ නැහැ නේද..

Tharindu Dananja Madusanka said...

සදරැවා උඹටත් බිලොග් එකක් තිබුනේ..මතකද ?

මද්දා said...

හප්ෆා ඔන්න අදතමා තොගෙ ෙබාග කියවල ඉවර කොලේ මුලසිට අගටම එක හුස්මට දවස් 3ක් කියවේව.
ගමේ හිටිය උඹ එතකොට කොලඹ ඇවිත් නේද බං?
මේච්චර ආාවනේ කියැව්වෙ මේකෙ හැගිලා මගෙ කතාවත් තියනෙව වගේ දැකපු නිසා.
මාත් ගම එපාම වෙලා ආවෙ බං. අම්ම කොලඹ ජොබක් කරපු නිසා වැඩි අපහසුවක් නැතිව සංක්‍්‍්‍්‍රමනය උනා දැනට මාස 3කට විතර කලින් මට පුලුවන් උනා අම්මට පැන්න්ෙසාන් අරන්දීල ගමට යවන්ට.
මාව නම් ෙමහෙමටම සින්න වෙලා වගේ බං.
ඉස්සර නම් මාසකෙට පාරක් ගමට දිව්ව යාලුවො හොයාගනෙ මෙහෙ අම්බානට තනි වලො හිටියෙ දැන් නම් ඒකත් නැවතිලා. මෙහනෙුත් හම්වෙලා බං ඒ වගේම රස්තියාදුකාරයො ටිකක්.

හරි හරි මගෙ බයිල ඇති.
මචං දවසට පේලිය ගානෙ ලියල හරි කතාව ඉස්සරහට ඇදන් යමංෙකා.
අර ඉනිට්ටි ටියුට් එකට මක්කද උනේ?
තෝ කොලඹ ආවෙ කොහොමද?
මෙහෙට වෙලා මක්කද කරන්නෙ?
මෙහෙ ආවට පස්සෙ කෙල්ලො ඉස්සරහ බීඩි වැවුනෙ? බයික්කෙ බැදන් ගියපු කොස් ගෙඩි පතබෑඋනේ නැද්ද?


අම්බානයි තව ටිකක් තියනෙව අහන්ට ෙද්වල්.

සේරම කියවේවට එක්කටවත් කොමනේටුවක් දැම්මෙ නැති එකට සමාවයෙන්.
සේරටම හරියංට ඕන් ලීව අෑ.......

Unknown said...

චයිනමන් නමත් බ්‍රන්තයක් මට නම්

Anonymous said...

yawuwana Hi...

Anonymous said...

???????????????????????

Anonymous said...

https://heethalaya.blogspot.com/p/blog-page.html

Thilanga Sajan said...

Well Done Sadaruwo

Thilanga Sajan said...

Well Done Sadaruwo

Lucifer said...
This comment has been removed by the author.
Anonymous said...

තණමල්විල කොල්ලෙක් කතාව හදන්න උබගේ කතා ගත්තද බන් ?

Hasantha said...

aye blog eka Liyanawanan meeka thama niyama kaale

SARPAYA said...

oiiiiiiiiiiiiiiii sadru, liyapanko pako

Post a Comment

තැන්කූ බං